Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මතෙව් 14:15

Sinhala Revised Old Version

සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය.

උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක.

ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.

නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

ඔවුන් තමුන්ගේ ගෙවලට නිරාහාරයෙන් යන්ට හැරියෙම් නම් ඔවුන් මාර්ගයේදී ක්ලාන්තවෙනවා ඇත; ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිතියි කීසේක.

සවස්වෙන්ට පටන්ගත් කල දොළොස්දෙනා උන්වහන්සේ ළඟට ඇවිත් කථාකොට: මෙහි වනාන්තර ස්ථානයක අප සිටින බැවින් වටකර තිබෙන ගම් හා නියම්ගම්වලට ගොස් නවාතැන්ද කෑමද සපයාගන්ට සමූහයා හැරිය මැනවයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්