එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා–
එබැවින් භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.
ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?
ඔවුන්ට කථාකොට–සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.
කපුටුවන් ගැන කල්පනාකර බලන්න: උන් වපුරන්නේවත් කපන්නේවත් නැත; උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත; නුමුත් දෙවියන්වහන්සේ උන් පෝෂණයකරනසේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද!
තවද උන්වහන්සේ සබත් දවසකදී කෑම කන පිණිස ඵරිසිවරුන්ගෙන් ප්‍රධානියෙකුගේ ගෙදරට පැමිණි කල ඔව්හු උන්වහන්සේ ගැන රැක බලා සිටියෝය.
එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සබත් දවසේදී යුතුවන්නේ යහපතක් කිරීමද? නොහොත් නපුරක් කිරීමද? ප්‍රාණයක් ගැළවීමද? නොහොත් නැතිකිරීමදැයි නුඹලාගෙන් අසමියි කීසේක.