Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මතෙව් 1:8

Sinhala Revised Old Version

ආසාට දාව යෙහෝෂාපාත් උපන්නේය; යෙහෝෂාපාත්ට දාව යෝරාම් උපන්නේය; යෝරාම්ට දාව උස්සියා උපන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ආසා තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වුණේය.

එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.

තවද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ දහඅටවෙනි අවුරුද්දේදී සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය.

ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ පස්වෙනි අවුරුද්දේ යෙහෝෂාපාට් යූදාහි රජව සිටියදී යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම් රජ වුණේය.

ඔහුගේ පුත්‍රයා යොරාම්ය, ඔහුගේ පුත්‍රයා අහසියාය, ඔහුගේ පුත්‍රයා යෝවාෂ්ය;

යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය;

සාලමොන්ට දාව රෙහොබොවම් උපන්නේය; රෙහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය;

උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය;




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්