කිරිදරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. ළමයි කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කඩා නොදෙයි.
එහෙත් රබ්-ෂාකේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉන්න මනුෂ්‍යයන් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මූත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට නොවේදැයි කීවේය.
සතරවෙනි මාසයේ නවවෙනිදා දේශයේ සෙනඟට කෑම නැතිවෙන තරම් සාගතය නුවර තුළ බලවත් විය.
මම නුඹ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා, යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.
මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ; මාගේ දිවද තල්ලේ ඇලෙයි; ඔබ මා මරණ ධූලියට ගෙනාසේක.
එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.
ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.
ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව.
අපේ පාදවල ඇලෙන නුඹලාගේ නුවර ධූලී පවා නුඹලාට විරුද්ධව අපි ගසාදමමුව. එසේවී නුමුත් දෙවියන්වහන්සේ රාජ්‍යය ළංවී තිබෙන බව දැනගන්නැයි කියන්න.
ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.
ඔව්හු සාගතයෙන් ක්ෂයවෙමින්, දවන උෂ්ණයෙන්ද සැර වසංගතයෙන්ද නැතිවී යන්නෝය; මෘගයන්ගේ දත්ද දූවිල්ලේ බඩගායන සතුන්ගේ විෂද ඔවුන්ට විරුද්ධව යවන්නෙමි. පිටතදී කඩුවද