පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක.
සතුරා මාගේ ආත්මයට පීඩාකෙළේය; ඔහු මාගේ ජීවිතයට පහරදී බිම හෙළුවේය. ඔහු වනාහි මැරී බොහෝ කල් ගියවුන් මෙන් අඳුරු තැන්වල විසීම මට සැලැස්විය.
ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
අන්ධයන් මෙන් අපි භිත්තිය අතගගා යමුව, එසේය, ඇස් නැත්තන් මෙන් අපි අතගගා යමුව. අඳුරේදී මෙන් අපි ඉරමුදුන් වේලාවේ පැකිල, මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව.