ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.
එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි, මක්නිසාද ඔහු වැටුණායින් පසු ජීවත්වෙන්නේ නැති බව සත්තක ලෙස මට දැනුණේය. මම ඔහුගේ හිසේ තිබුණු කිරීටයද අතේ දමා තිබුණු වළල්ලද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනායෙමියි කීවේය.
ඔහු පස්සට හැරී මා දැක මට අඬගැසීය. මම මෙහියයි උත්තරදුනිමි.
ඔහු මට කථාකොට: මා ළඟ සිට මා මරන්න, මක්නිසාද මම ගාවිනාවෙන් සිටිමි; මාගේ පණද සම්පූර්ණයෙන් තවම මා තුළ තිබේයයි කීවේය.
අම්මොනිය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයිය;
එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට අවමන් නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමතිවුණේ නැත; ඔහු එසේ කරන්ට බොහෝසෙයින් භයවිය. එබැවින් සාවුල් තමාගේ කඩුව රැගෙන, තෙමේම එය පිට වැටුණේය.
සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේය.
අම්මොනිය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බේරොතිය නහරයිය;
ඈද: සැබවින් මම නුඹ සමඟ යන්නෙමි. එසේවී නුමුත් නුඹ යන ගමන නුඹේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්‍රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ තමුන්ගේ ස්ථානයට ගියෝය.
මුර සමුදාවේ මිනිස්සු යොනාතාන්ටත් ඔහුගේ ආයුධ ගෙනයන්නාටත් කථාකොට: අප ළඟට නැගී එන්න, අපි නුඹලාට කාරණයක් පෙන්වන්නෙමුයයි කීවෝය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: මා පස්සේ එන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදී තිබේයයි කීවේය.
යොනාතාන්ද ඔහු පස්සේ ඔහුගේ ආයුධ ගෙනයන්නාද අත් පා ගගහා නැගී ගියෝය. ඔව්හු යොනාතාන් ඉදිරියෙහි පැරදී වැටුණෝය; ආයුධ ගෙනයන්නාද ඔහු පස්සේ ගොස් ඔවුන් මැරුවේය.
යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද මුලදී මෙසේ මැරුවේ අක්කරයක බිමේ හීවිටි බාගයක දිග ප්‍රමාණය හරියේ විසි දෙනෙකු පමණය.
එවිට සාවුල් තමා සමඟ සිටි සෙනඟට කථාකොට: අප කෙරෙන් ගියේ කවුද කියා ගණන්කර බලන්නැයි කීවේය. ඔවුන් ගණන්කළ විට යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද එහි නැති බව පෙනී ගියේය.
ඔහුගේ ආයුධ ගෙනයන්නාද: නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, නුඹේ සිතේ හැටියටම මම නුඹ සමඟ සිටිමියි ඔහුට කීවේය.
දාවිත් සාවුල් ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියේය. ඔහුද ඔහුට ඉතා ආදරේවිය; ඔහු සාවුල්ගේ ආයුධ ගෙනයන්නා වුණේය.
මෙසේ සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ඔහුගේ ආයුධ ගෙනයන්නාද ඔහුගේ සියලු මිනිස්සුද ඒ දවසේදී එකවිටම මැරුණෝය.