Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 9:48

Sinhala Revised Old Version

අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද ශල්මොන් කන්දට නැගී ගියෝය; අබිමෙලෙක් අතින් පොරවක් ගෙන ගසකින් අත්තක් කපා ඒක උස්සා කර පිට තබාගෙන තමා සමඟ සිටි සෙනඟට කථාකොට: මා කරනවා නුඹලා දුටු දේම නුඹලාත් ඉක්මනින් කරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

සර්වපරාක්‍රමයාණන්වහන්සේ විසින් රජවරුන් එහි විසිරවූ කල, එය ශල්මෝන පිටට හිම වැටෙන්නාක්මෙන් විය.

බාෂාන් කන්ද දෙවියන්වහන්සේගේ කන්දක්ය; බාෂාන් කන්ද උස් කන්දක්ය.

ෂෙකෙම් කොටුවේ සියලු මනුෂ්‍යයන් එකට රැස්ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය.

එවිට මුළු සෙනඟත් එකිනෙකා අත්තක් බැගින් කපාගෙන අබිමෙලෙක් පස්සේ ගොස් ඒවා කොත ළඟ තබා මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනිලෑවෝය. මෙසේ ෂෙකෙම් කොටුවේ සියල්ලන්වූ ස්ත්‍රීන් හා පුරුෂයන් දහසක් පමණ මළෝය.

අබිමෙලෙක් කොටුව ළඟට ඇවිත් ඊට විරුද්ධව සටන්කොට කොටු දොර පුලුස්සා දමන්ට ඒ ළඟට ගියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්