අබිමෙලෙක් අරුමාහි වාසයකෙළේය. ශෙබුල් වනාහි ගයල්ටද ඔහුගේ සහෝදරයන්ටද ෂෙකෙම්හි වාසයකරන්ට ඉඩනොදී ඔවුන් නෙරපාදැමුවේය.
එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? නුඹලා ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?
නුවර ආණ්ඩුකාරයාවූ ශෙබුල් එබෙද්ගේ පුත්‍රවූ ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේය.
අබිමෙලෙක් ඔහු පස්සේ එළවාගන ගියේය, ඔහුද ඔහු ඉදිරියෙන් පළාගියේය, නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම්කා වැටුණෝය.
පසුව දා සෙනඟ පිටතට ගියෝය; ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය.