ගයල් සෙනඟ දැක: අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබුල්ට කීවේය. ශෙබුල්ද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ නුඹට පෙනේයයි ඔහුට කීය.
එම්බා දේශයේ වැසිය, නුඹේ දඬුවම් වාරය පැමිණියේය. කාලය පැමිණ තිබේ, දවස කිට්ටුය; එය වනාහි ප්‍රීතිඝෝෂා දවසක් නොව කඳුවල කැලඹීමේ ඝෝෂා දවසක්ය.
ඔහු ඇස් ඔසවා කියනුයේ: මට මනුෂ්‍යයන් පෙනේ; මක්නිසාද ගස් වාගේ (ඔවුන්) ඇවිදිනවා මට පෙනේයයි කීවේය.
එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද පිටතට ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මිනිස්සුද සැඟවී සිටි තැනින් නැගිට ආවෝය.
ගයල් නැවත කථාකොට: අන්න, සෙනඟක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය.