යෝතාම් තමාගේ සහෝදරවූ අබිමෙලෙක්ට භයින් බෙයේර්ට පලා ගොස් එහි විසුවේය.
ෂෙබා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රද සියලු බේරීවරුන්ද අතරේ ගොස් ආබෙල්ටත් බෙත්-මයකාටත් පැමුණුණේය. මිනිස්සු රැස්වී ඔහු පස්සේ ගියෝය.
එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය.
දකුණු රාමා වන බාලත්-බෙයේර් දක්වා ඒ නුවරවල් වටකර තිබෙන ගම් සියල්ලත්ය. සිමියොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේය.
එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය.
අබිමෙලෙක් ඉශ්‍රායෙල් කෙරෙහි තුන් අවුරුද්දක් අධිපතිකම්කළායින් පසු,