ගිඩියොන්ද: ස්වාමීන්වහන්සේ සෙබාද ශල්මුන්නාද මා අතට පාවාදුන් විට මම නුඹලාගේ මාංසය වනයේ කටුවලින්ද වේරෑන්වලින්ද ඉරාදමන්නෙමියි කීවේය.
ස්වප්නය කීමත් ඒකේ තේරුමත් ගිඩියොන් ඇසූ විට ඔහු නමස්කාරකොට ඉශ්‍රායෙල් කඳවුරට හැරීගොස්: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මිදියන් සේනාව නුඹලා අතට පාවාදුන්සේකැයි කීය.
ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන්ට කථාකොට: මා කැටුව යන මිනිසුන් ක්ලාන්තව සිටන බැවින් ඔවුන්ට රොටි දුනමැනවි; මම මිදියන්හි රජවරුන්වූ සෙබාද ශල්මුන්නාද එළවාගෙන යමියි කීවේය.