ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් තුන්සියයද ක්ලාන්තව සිටි නුමුත් එළවාගනම ගොස් යොර්දානට පැමිණ එගොඩට ගියෝය.
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.
තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.
ඔව්හු මිදියන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ්ද ශීබ්ද අල්ලාගෙන ඔරෙබ් පර්වතය ළඟදී ඔරෙබ් මරා, ශීබ්හි මිදි යන්ත්‍රය ළඟදී ශීබ්ද මරා, මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. තවද ඔරෙබ්ගේද ශීබ්ගේද හිස් යොර්දානෙන් එගොඩ ගිඩියොන් වෙතට ගෙනාවෝය.
නුඹලා අතට දෙවියන්වහන්සේ මිදියන්හි අධිපතීන්වූ ඔරෙබ්ද ශීබ්ද පාවාදුන්සේක. නුඹලා කළ දේට සමවෙන්ට මට කරන්ට පුළුවන්වුණේ කිමෙක්දැයි ඔවුන්ට කීවේය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණු ඔවුන්ගේ කෝපය සන්සිඳුණේය.
එහෙත් දාවිත් සහ මිනිසුන් හාරසියයක් එළවාගන ගියෝය. බෙසොර් ඔයෙන් එගොඩට යන්ට බැරිතරම් වෙහෙසව සිටියාවූ මිනිසුන් දෙසියයක් නැවතුණෝය.
මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.