යෙරුබ්බාල් එනම් ගිඩියොන් ඉශ්‍රායෙල්ට කළ සියලු යහපත්කම්වල හැටියට ඔහුගේ පවුලට කරුණාව පෙන්නුවේවත් නැත.
මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය.
ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.
යෙරුබ්බාල්ගේ පුත්‍රවූ අබිමෙලෙක් ෂෙකෙම්හි සිට තමාගේ මවුගේ සහෝදරයන් ළඟට ගොස් ඔවුන්ටත් තමාගේ මවුගේ පිය වංශයේ මුළු පවුලටත් කථාකොට:
ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් යෙරුබ්බාල්ගේ පුත්‍රවූ තමාගේ සහෝදරයන් වන මිනිසුන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මැරුවේය. නුමුත් යෙරුබ්බාල්ගේ බාල පුත්‍රයාවූ යෝතාම් ඉතුරුවිය; මක්නිසාද ඔහු සැඟවුණේය.