යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් බොහෝ ආයු වළඳා මැරී අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තමාගේ පියවූ යෝවාෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කරනු ලැබුවේය.
එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.
ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.
ඔව්හු අසාහෙල් රැගෙන බෙත්-ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය. යෝවාබ්ද ඔහුගේ මිනිස්සුද මුළු රාත්‍රියේ ගොස් එළිවෙන කොට හෙබ්‍රොන්ට පැමුණුණේය.
ඉක්බිති යෝබ් මහලුව වයසින් පූර්ණව මළේය.
ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් නුඹ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.
ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.
ෂෙකෙම්හි සිටි ඔහුගේ උපභාර්යාවද ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය, ඔහු ඔහුට අබිමෙලෙක්යයි නම් තැබීය.
තවද ගිඩියොන් මැරුණු වහාම ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් බාල් දේවතාවන් අනුව අනාචාරයෙන් හැසිරෙමින් බාල්බෙරීත් තමුන්ට දෙවිකොට තබාගත්තෝය.