මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආභරණද කර්ණාභරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාභරණවල බර රන් ෂෙකෙල් එක්දාස් හත්සියයක්ය.
මොර්දෙකයි නිල් හා සුදු රාජ වස්ත්‍රද ලොකු රන් ඔටුන්නක්ද රත්නිල් සිහින් හණ සළුවක්ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවර වැසියෝද ඝෝෂාකර ප්‍රීතිවූහ.
ඈ ඇතිරිළි සාදාගන්නීය; ඇගේ ඇඳුම් සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ.
ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පාවළලුවල අලංකාරයද ඉස් දැල්ල වන්ද්‍රලේකාභරණද;
තර්ෂිෂෙන් තහඩුකළ රිදීද උපාශෙන් රන්ද ගෙනෙනු ලැබේ; ඒවා කම්කරුවාගේද රන්කරුවාගේද අත්වල වැඩක්ය; නිල් සහ රත්නිල් රෙදි ඒවායේ වස්ත්‍රය; ඒ සියල්ල දක්ෂ කම්කරුවන්ගේ වැඩක්ය.
නුඹට කොඩියක් කොට නුඹ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; නුඹේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදිය.
රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දාවූ, දවස් පතා සැපජීවිකාවෙන් කාලය ගතකළාවූ එක්තරා ධනවතෙක් සිටියේය.
හේවායෝද කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසේ තබා, රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා, උන්වහන්සේ ළඟට ඇවිත්:
එකල යේසුස්වහන්සේ කටු ඔටුන්නද රත්නිල් වස්ත්‍රයද ඇතුව පිටතට ආසේක. පිලාත්ද: මෙන්න, ඒ මනුෂ්‍යයා! කියා ඔවුන්ට කීවේය.
ඒ ස්ත්‍රී රත්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ, රනින්ද අනර්ඝ ගල් සහ මුතුවලින්ද සැරසී සිටියාය, පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය,
රන් රිදී බඩුද අනර්ඝ ගල්ද මුතුද සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද; සියලු ආකාර සුවඳ ලීද සියලු ඇත්දත් භාජනද ඉතා අනර්ඝ ලීයෙන් පිත්තලෙන් යකඩින් සහ කිරිගරුඬවලින් සෑදූ සියලු ආකාර භාජනද;
අහෝ, අහෝ, මහත් නුවර, සිහින් රෙදිද රත්නිල් සහ රක්ත වස්ත්‍රද පැළඳ රනින්ද අනර්ඝ මැණික් සහ මුතුවලින්ද සැරසුණාවු නුවර!
එවිට සෙබාද ශල්මුන්නාද කථාකොට: නුඹම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවෝය. ගිඩියොන් නැගිට සෙබාද ශල්මුන්නාද මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආභරණ ගත්තේය.
ඔව්හු: අපි ඒවා කැමැත්තෙන්ම දෙමුයයි උත්තරදී, වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා තම තමා කොල්ලගත් කුණ්ඩලාභරණ එහි දැමූහ.
ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.