Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 8:24

Sinhala Revised Old Version

ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි, නුඹලා එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාභරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

17 හුවමාරු යොමු  

තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දශයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී:

මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය.

සාරාගේ දාසීවූ මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පරම්පරා නම් මේය.

තම තමන්ගේ පරම්පරා ලෙස, නම් වශයෙන් ඉෂ්මායෙල්ගේ පුත්‍රයින්ගේ නාම නම්: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්ය; කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, දූමා සහ මස්සාය; හදද්,

එවිට ඔව්හු තමුන් අත තුබූ සියලු අන් දෙවිවරුන් සහ තමන්ගේ කන්වල තිබුණු ආභරණද යාකොබ්ට දුන්නෝය; යාකොබ් ෂෙඛෙම් ළඟ තිබුණු ආලොන් ගස යට ඒවා සඟවා තැබුවේය.

ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය.

මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.

ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය.

ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කරමින් මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය.

එවිට මුළු සෙනඟ තමුන්ගේ කන්වල තිබුණු රන් කුණ්ඩලාභරණ ගළවා ආරොන් ළඟට ගෙනාවෝය.

ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය.

මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක.

උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.

ඔව්හු: අපි ඒවා කැමැත්තෙන්ම දෙමුයයි උත්තරදී, වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා තම තමා කොල්ලගත් කුණ්ඩලාභරණ එහි දැමූහ.

එසේවීනම් මා විසින් මාගේ රොටිද මාගේ වතුරද මාගේ බැටළු ලොම් කපන්නන්ට මා විසින් මැරූ සතුන්ගේ මස්ද අරන් කොතැනින් ආවාද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්ටදැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්