එවිට යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් හෙරෙස් නැගුමේ සිට යුද්ධයෙන් හැරී ඇවිත්,
සෙබාද ශල්මුන්නාද පලා ගියෝය; ඔහු ඔවුන් පස්සේ එළවාගන ගොස් මිදියන් රජුන් දෙදෙනා වන සෙබාද ශල්මුන්නාද අල්ලාගත්තේය, මුළු සේනාවද භයගන්වා විසුරුවා හැරියේය.
සුක්කොත්හි යෞවනයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේය. ඔහු සැත්තෑ සත් දෙනෙක් වන සුක්කොත්හි අධිපතීන්ද වැඩිමහල්ලන්ද ගැන විස්තර ඔහුට ලියා දුන්නේය.