එප්‍රායිම් මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: නුඹ මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට යන කල අපට අඬනොගසා මෙසේ කළේ මක්නිසාදැයි කියා ඔහු සමඟ තද ලෙස විවාදකළෝය.
එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ රජු ළඟට අවුත් රජුට කථාකොට: අපේ සහෝදරවූ යූදා මනුෂ්‍යයන් ඔබ හොරෙන් අඬගසාගන රජුද ඔහුගේ ගෙයි වැසියන්ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මනුෂ්‍යයන්ද යොර්දානෙන් මෙගොඩට ගෙනාවේ මක්නිසාදැයි ඇසුවෝය.
සියලු යූදා මනුෂ්‍යයෝ ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. නුඹලා මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය.
මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.
තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
එප්‍රායිම් කථාකළ විට වෙවුලුමක් විය; ඔහු ඉශ්‍රායෙල් අතරෙහි උසස්වුණේය. නුමුත් ඔහු බාල් කරණකොටගෙන වරදකර නැසුණේය.
ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අබියෙශෙර්ගේ මුළු මුද්‍රික ඵලදාවට වඩා එප්‍රායිම්ගේ ඉතුරු ඵල හොඳ නොවේද?