නුමුත් නුඹ බැස යන්ට භයනම් නුඹේ මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරට බැස යන්න.
එවිට ඔවුන් කියන දේ නුඹට ඇසුණාම කඳවුරට බැස යන්ට නුඹේ අත් බලවත්වන්නේයයි කීසේක. එවිට ඔහු තම මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරේ අයිනේ ආයුධ ගත් මනුෂ්‍යයන් වෙතට බැස්සේය.
එදා රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට කඳවුරට බැස යන්න; මක්නිසාද මම එය නුඹ අතට පාවාදුනිමි.
එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.