මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩාකළ සියල්ලන්ගේ අතින්ද නුඹලා නිදහස්කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශය නුඹලාට දුනිමි;
උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.
මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියාද නුඹලා වාසයකරන දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට භයනොවන්න කියාද නුඹලාට කීයෙමි. එහෙත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් දුන්නේ නැතැයි කියනසේකැයි කීවේය.
ස්වාමීන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට එවූසේක. ඔහු ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹලා මිසරයෙන් ගෙනැවිත්, නුඹලා වහල්කමේ ගෙයින් පිටතට පැමිණෙවුවෙමි;
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනැවිත් මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩාකළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන්ද නුඹලා ගළවාගතිමි.