මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල්වරු ඉතා පහත් භාවයට පැමිණියාහ; එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.
තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.
උන්වහන්සේ ඔවුන් මැරූ කල ඔව්හු උන්වහන්සේ ගැන විචාළෝය. ඔව්හු හැරී අප්‍රමාදව දෙවියන්වහන්සේ සෙවුවෝය.
ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.
ඔවුන් නුඹේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ නුඹේ අස්වැන්නද නුඹේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් නුඹේ බැටළුවන්ද නුඹේ ගවයන්ද කා දමනවා ඇත; නුඹේ මිදිවැල්ද නුඹේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; නුඹ විශ්වාසකරන නුඹේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.
ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.
අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාද ස්වාමීන්වහන්සේගේ උදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය.
නුඹ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව නුඹට වඩා උසස් වන්නේය; නුඹ වැඩි වැඩිව පහත් වන්නෙහිය.
එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගසා: අපි අපේ දෙවියන්වහන්සේ අත්හැර බාල්දේවතාවුන්ට සේවයකිරීමෙන් ඔබවහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි කීවෝය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගුටුවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිදියන්වරුන් නිසා ස්වාමීන්වහන්සේට මොරගැසූ කල,