මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, දෙවෙනි ගොනා ගෙන නුඹ කපන්නාවූ අෂේරා කණුවේ ලීවලින් ඌ දවන පූජාවක්කොට ඔප්පුකරන්නැයි කීසේක.
එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.
අරව්නාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජාකෙරෙත්වා. මෙන්න, දවන පූජාවට ගවයෝ සිටිති, දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ.
නුඹලා ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමන්න.
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.
නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.
තවද එදාම රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ පියාට අයිති ගොනා එනම් සත් අවුරුදු වයස් ඇති දෙවෙනි ගොනා ගෙන ගොස්, නුඹේ පියාට තිබෙන බාල්ගේ පූජාසනය කඩාදමා, ඒ ළඟ තිබෙන අෂේරා කණුව කපාදමා,
එවිට ගිඩියොන් තමාගේ වැඩකාරයන්ගෙන් දසදෙනෙකුන් කැඳවාගෙන ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස කෙළේය. ඔහු තමාගේ පියාගේ ගෙයි වැසියන් නිසාත් නුවර වැසියන් නිසාත් එය දවාලේදී කරන්ට භයව රාත්‍රියේදී කෙළේය.
ගැළද බෙත්-ෂෙමියවූ යෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේය, එහි ලොකු ගලක් තිබුණේය. ඔව්හු ගැළේ ලී පළා, එළදෙනුන් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකළෝය.