ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන ඉන්නවා වෙන්ට ඕනෑයයි කීවෝය.
ඒහුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිට්ටේය.
ඒහුද් පිටත ශාලාවට ගොස් උඩුමහල් දොරවල් වසා තබා අගුල් දමාගියේය.
ඔව්හු තුෂ්ණිම්භූතව බලා සිටියෝය. ඔහු උඩුමහලෙහි දොරවල් නොඇරිය බැවින් ඔව්හු යතුර ගෙන ඒවා ඇරියකල ඔවුන්ගේ ස්වාමියා බිම වැටී මැරී ඉන්නවා දුටුවෝය.
ඔහු මාර්ගයෙහි තිබුණු බැටළු ගාල්වලට පැමුණුණේය. සාවුල් ශරීර කෘත්‍යය සඳහා එහි තිබුණ ගුහාවකට ඇතුල්වුණේය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ගුහාවේ ඇතුල් භාගවල සිටියෝය.