ඔවුන්ගෙන් ඉතුරුව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමුද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන්කොට නොදෙන හැටියට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවුළෙමුයයි කීවෝය.
අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.
එහෙත් අපට අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්ට බැරිය. මක්නිසාද බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාවක් දෙන තැනැත්තාට ශාපවේවයි කියා ඉශ්‍රායෙල් පුත්‍රයෝ දිවුළෝයයි කීවෝය.
ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලිකරන්ට ආවාම අපි ඔවුන්ට කථාකොට: කරුණාවෙන් ඔවුන් අපට දුනමැනවි; මක්නිසාද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක් ඉතුරු නොකෙළෙමුව, නුඹලාත් ඔවුන් ඔවුන්ට දුන්නේ නැත; දුන්නා නම් නුඹලා වරදකාරයෝ වන්නහුයයි කියන්නෙමුයයි ඔවුන්ට කීවෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ බෙන්යමින් ගැන ශෝකවී: මේ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් සිඳිනලද්දේය.
තවද ඔව්හු: ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ස්වාමීන්වහන්සේ වෙත මිශ්පාට නාවේ කොයි එකදැයි අසා යාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙක් සභාව සමඟ කඳවුරට නා බව දැනගත්තෝය.
එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.