බෙන්යමින් පුත්‍රයෝ එසේ කොට නැටූ තැනැත්තියන්ගෙන් තමුන්ගේ ගණන ලෙස තමුන්ට භාර්යාවන් අසුකරගෙන, තමුන්ගේ උරුමයට හැරීගොස්, නුවරවල් ගොඩනගා එහි විසුවෝය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නැවත බෙන්යමින් පුත්‍රයන් ළඟට හැරී ඇවිත්, නුවර මිනිසුන්ටද ගවයන්ටද තමුන්ට සම්බවූ සියල්ලන්ටද කඩුමුවහතින් පහරදී, ඔවුන්ට සම්බවුණු සියලු නුවරවල්ද ගිනිලෑවෝය.
එකල ඉශ්‍රායෙල් පුත්‍රවූ සියලු මනුෂ්‍යයෝ තමතමුන්ගේ ගෝත්‍රයද පෙළපතද කරා ගියෝය, එතනින් එකිනෙකා තමතමාගේ උරුමයට පිටත්ව ගියේය.