ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි බිඳීමක් කළ නිසා සෙනඟ බෙන්යමින් ගැන ශෝකවූහ.
ස්වාමීන්වහන්සේ උස්සාට කළ හදිසි පහර දීම නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට පෙරෙෂ්-උස්සා යන නාමය තැබීය, ඒ නාමය අද දක්වා ඊට තිබේ.
පළමු වතාවේදී ඒක ගෙනා අය නුඹලා නොවූ බැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට පහරදුන්සේක, මක්නිසාද නියෝගය ලෙස අපි උන්වහන්සේ නොසෙවුවෙමුයයි කීවේය.
ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ භිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.
නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ
එකල බෙන්යමින්වරු හැරී ආවෝය; ඔව්හු යාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරුකළ ස්ත්‍රීන් ඔවුන්ට දුන්නෝය. ඒත් ඔවුන්ට මදි විය.
එවිට සභාවේ වැඩිමහල්ලෝ කථාකොට: ඉතිරි අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? මක්නිසාද බෙන්යමින්වරුන් අතරෙන් ස්ත්‍රීයෝ නැතිවූහයි කීවෝය.
තවද ඔව්හු කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්යමින්හි ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතුය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ බෙන්යමින් ගැන ශෝකවී: මේ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් සිඳිනලද්දේය.