අපි දැන් ගිබියාට මෙසේ කරන්නෙමුව; පස ඇට වැටෙන හැටියට ඊට විරුද්ධව යන්නෙමුව;
දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ.
තවද සෙනඟගේ අධිපතීහු යෙරුසලමෙහි වාසයකළෝය. අනික් සෙනඟ තමුන් අතරෙන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය, නව කොටසක් අනික් නුවරවල වාසයකළෝය.
පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.
ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය.
ඔවුන් ගැන පසඇට දැමුවෝය; එවිට පසඇටය මත්තියස්ට වැටුණේය; ඔහු ප්‍රේරිතයන් එකොළොස්දෙනා සමඟ ගණන්ගන්නාලද්දේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් පස ඇට දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේය.
සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් සියයට දසදෙනෙක්ද දහසකට සියයක්ද දස දහසකට දහසක්ද බැගින් සෙනඟට ආහාර ගෙනෙන පිණිස අපි නියමකරගන, ඔවුන් ආවාම බෙන්යමින්ට අයිති ගිබියාහි මනුෂ්‍යයන් විසින් ඉශ්‍රායෙල්හි කළ මුළු නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට කරන්නෙමුයයි කීවෝය.
එවිට මුළු සෙනඟ එක්කෙනෙකු මෙන් නැගිට කථාකොට: අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේය, කිසිවෙක් තමාගේ ගෙදරට නොපැමිණෙන්නේය.