Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 20:45

Sinhala Revised Old Version

ඔව්හු හැරී කාන්තාරයෙහි තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝය. ඔවුන්ගෙන් වෙන් වශයෙන් පන්දහසක් මාවත්වලදී මරා, ඉතිරි අය පස්සේ ගිදොම් දක්වා එළවාගන ගොස්, ඔවුන්ගෙන් දෙදහසක් මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මෝනො සහ ඒකේ පිට-බිම්ද තාබෝර් සහ ඒකේ පිට-බිම්ද;

මුළු දේශයද ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම්මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමානවන්නේය; නුවරද උස්සනු ලැබ, ඒකේ ස්ථානයෙහිම බෙන්යමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනනේල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබෙයි.

ලෙබායොත්ද ෂිල්හිම්ද ආයින්ද රිම්මොන්ද යන මේවාය. ගම් සහිතව සියලු නුවරවල් විසිනවයක්ය.

මෙසේ බෙන්යමින්වරුන්ගෙන් මනුෂ්‍යයන් දහඅට දාහක් වැටුණෝය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.

මෙසේ බෙන්යමින්වරුන්ගෙන් ඒ දවසේදී වැටුණු, කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝ විසි පන්දහසක්ය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.

එවිට රිම්මොන් පර්වතයේ සිටි බෙන්යමින් පුත්‍රයන් සමඟ කථාකොට ඔවුන්ට සමාදානය ප්‍රකාශකරන්ට මුළු සභාව මිනිසුන් හැරියාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්