ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සටනේදී හැරුණෝය, බෙන්යමින්වරු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට පහරදෙන්ට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙක් පමණ මරා: පළමුවෙනි සටනේදී මෙන්ම ඔවුන් සත්තකින් අපට පරාජයවෙනවායයි කීවෝය.
යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.
පළමු ලෙස ඔවුන් අප ඉදිරියෙහි පරාජයවෙනවායයි බෙන්යමින් පුත්‍රයෝ කීවෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපි පලාගොස් ඔවුන් නුවරින් ඈත්කොට මාවත්වලට පමුණුවාගනිමුයයි කීවෝය.