පළමු ලෙස ඔවුන් අප ඉදිරියෙහි පරාජයවෙනවායයි බෙන්යමින් පුත්‍රයෝ කීවෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපි පලාගොස් ඔවුන් නුවරින් ඈත්කොට මාවත්වලට පමුණුවාගනිමුයයි කීවෝය.
මාද මා සමඟ සිටින සියලු සෙනඟද නුවරට ළංවී ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධව පිටතට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව;
මක්නිසාද: පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලායන්නෝයයි කියමින්, ඔවුන් නුවරින් ඈත්කරගන්න තුරු ඔවුන් අප පස්සේ එනවා ඇත; එබැවින් අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව.
බෙන්යමින් පුත්‍රයෝ සෙනඟට විරුද්ධව පිටතට අවුත් නුවරින් ඈත් වී, වෙන වතාවලදී මෙන් සෙනඟට පහරදෙන්ට පටන්ගෙන, කෙතෙහි බෙතෙල්ටත් ගිබියාටත් යන මාවත් දෙකේදී ඉශ්‍රායෙල් මිනිසුන් තිස්දෙනෙක් පමණ මැරුවෝය.
එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ තමුන් සිටි තැනින් නැගිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිටගත්තෝය. සැඟවී බලා සිටි ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ ස්ථානයවූ ගිබියාහි පිට්ටනියෙන් නික්ම ආවෝය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සටනේදී හැරුණෝය, බෙන්යමින්වරු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට පහරදෙන්ට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙක් පමණ මරා: පළමුවෙනි සටනේදී මෙන්ම ඔවුන් සත්තකින් අපට පරාජයවෙනවායයි කීවෝය.