Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 20:25

Sinhala Revised Old Version

එවිට බෙන්යමින්වරු දෙවෙනිදා ඔවුන්ට විරුද්ධව ගිබියායෙන් පිටතට ඇවිත් නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිසුන් දහඅටදාහක් විනාශකර බිම හෙළුවෝය; මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.

බෙන්යමින් ගසාකන වෘකයෙක. ඔහු උදය ගොදුරු කාදමන්නේය, සවස කොල්ලය බෙදාගන්නේයයි කීයේය.

වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.

අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?

අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!

නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?

එහෙත් (මම මනුෂ්‍ය ව්‍යවහාරය ලෙස කථාකරමි) අපේ අධර්මිෂ්ඨකම කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වර්ණනාකරනු ලැබේ නම් කුමක් කියමුද? උදහස පාන්නාවූ දෙවියන්වහන්සේ අධර්මිෂ්ඨද?

එවිට බෙන්යමින් පුත්‍රයෝ ගිබියායෙන් පිටත්ව අවුත් ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් මිනිසුන් විසි දෙදාහක් විනාශකර බිම හෙළුවෝය.

ඉශ්‍රායෙල් පුත්‍රයෝ දෙවෙනිදා බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව ළංවුණෝය.

එකල සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුළු සෙනඟද ගොස් බෙතෙල්ට පැමිණ, එහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අඬමින් හිඳ, එදා සවස් වන තෙක් නිරාහාරව සිට, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්