ඉශ්‍රායෙල් ගෝත්‍රවල අය බෙන්යමින් ගෝත්‍රයේ සෑම තැන්වලට මනුෂ්‍යයන් යවමින්: නුඹලා අතරේ කළ මේ දුෂ්ටකම මොකද?
පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.
නුඹ හොඳාකාර සොයා විභාගකර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් නුඹලා අතරෙහි කරනලද බව සැබෑවක්නම්, කාරණය සත්තකනම්,
නුඹ නුවරකට විරුද්ධව සටන්කරන්ට ළංවන කල්හි ඊට සමාදානය ප්‍රකාශකරන්න.
ඒ හැටියට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ එක්කෙනෙකු මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධව රැස්වූවෝය.
ඉතින් අප විසින් ගිබියාහි සිටින දුර්ජන මනුෂ්‍යයන් මරා ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකර දමන පිණිස ඔවුන් අපට පාවාදෙන්නැයි කීවෝය. නුමුත් බෙන්යමින් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ හඬට ඇහුම්කන් දෙන්ට නොකැමතිවූහ.
(ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට ගිය බව බෙන්යමින් පුත්‍රයන්ට සැලවිය.) මේ දුෂ්ටකම සිදුවුණේ කොහොමදැයි කියන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කීවෝය.