යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය.
මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය.
ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යයි නම් තබා එහිදී ස්වාමීන්වහන්සේට පූජා ඔප්පු කළෝය.
සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.