ඒ මනුෂ්‍යයා යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා පෙරැත්ත කළ නිසා ඔහු නැවත එහි සිටියේය.
රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් නුඹට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාද කෙළේය.
මෙසේ ඔවුන් දෙදෙනා හිඳගෙන එක්ව කෑවෝය, බීවෝය. තවද යෞවනියගේ පියා ඒ මනුෂ්‍යයාට කථාකොට: අනේ අද රාත්‍රියේ නවතින්ට සතුටු වෙන්න, නුඹේ සිත සන්තෝෂවේවයි ඒ මනුෂ්‍යයාට කීවේය.
පස්වෙනිදා අලුයම ඔහු යන්ට නැගුටුණ විට යෞවනියගේ පියා ඔහුට කථාකොට: අනේ නුඹේ සිත සනසා ගන්න, සවස්වන තෙක් සිටින්නැයි කීවේය. ඔවුන් දෙදෙනද කෑම කෑවෝය.