ඇගේ ස්වාමියා උදය නැගිට ගෙයි දොරවල් හැර තමාගේ ගමන යන්ට එළියට ගියේය. බලව, තමාගේ උපභාර්යාව වන ඒ ස්ත්‍රි ගෙයි දොරකඩ ළඟ වැටී උන්නාය, ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේය.
එවිට ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහයේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට උඩින් සිටියේය.
එවිට ස්වාමීන්වහන්සේගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.
එවිට ඒ ස්ත්‍රී අලුයම් වේලේ ඇවිත් ඇගේ ස්වාමියා සිටි ඒ මනුෂ්‍යයාගේ ගෙයි දොරකඩ ළඟ වැටී එළිවෙන තෙක් උන්නාය.
ඔහු ඈට කථාකොට: නැගිටින්න, අපි යමුයයි කීය; නුමුත් උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන තමාගේ ස්ථානයට ගියේය.