Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 19:25

Sinhala Revised Old Version

එහෙත් ඒ මනුෂ්‍යයෝ ඔහුට ඇහුම්කන් නුදුන්නෝය. එබැවින් ඒ මනුෂ්‍යයා තමාගේ උප භාර්යාව අල්වාගෙන ඔවුන් ළඟට පිටතට ගෙනාවේය; ඔව්හු ඈ හැඳින, අලුයම දක්වා මුළු රාත්‍රියෙහි ඈට දූෂ්‍යකම් කොට, පහන්වෙන වේලේ ඈ යන්ට හැරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.

අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?

ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.

ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.

මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත් ඔහුගේ උපභාර්යාවත් සිටිති; මම දැන් ඔවුන් පිටතට ගෙනෙන්නෙමි, ඔවුන් වසඟකොට නුඹලාට හොඳව පෙනෙන දෙයක් ඔවුන්ට කරන්න. නුමුත් මේ මනුෂ්‍යයාට ඔය නින්දිතකම් නොකරන්නැයි ඔවුන්ට කීවේය.

එවිට ඒ ස්ත්‍රී අලුයම් වේලේ ඇවිත් ඇගේ ස්වාමියා සිටි ඒ මනුෂ්‍යයාගේ ගෙයි දොරකඩ ළඟ වැටී එළිවෙන තෙක් උන්නාය.

එවිට ගිබියා වැසියෝ මට විරුද්ධව නැගිට මා සිටි ගේ රාත්‍රියේ වටලාගත්තෝය; ඔව්හු මා මරන්ට සිතුවෝය, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලාත්කාරකම් කළෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්