අපේ කොටළුවන්ට පිදුරුත් ගෝචරත් තිබේ; මට සහ නුඹේ වැඩකාරිටද නුඹේ මෙහෙකරුවන් සමඟ සිටින තරුණයාටද රොටිත් මුද්‍රිකපානයත් තිබේ. කිසි දෙයකින් අඩුවක් නැතැයි ඔහුට කීවේය.
තවද: අප ළඟ සෑහෙන පමණ පිදුරුත් ගෝචරත් නවාතැනට ඉඩත් තිබෙනවායයි ඈ ඔහුට කීවාය.
මේ දක්වා කළාක් මෙන් ගඩොල් සෑදීමට සෙනඟට පිදුරු තවත් නොදෙන්න. ඔව්හුම ගොස් පිදුරු එකතුකරගනිත්වා.
එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය. පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය.
ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.
ඔවුන් යෙබූස්ට ළංවෙන විට දවාල බොහෝසෙයින් ගතවී තිබුණේය; වැඩකාරයාද: අපි ගොස් යෙබූසිවරුන්ගේ මේ නුවරට ඇතුල්වී එහි නවාතැන් ගනිමුයයි තමාගේ ස්වාමියාට කීය.
ඔහුද: අපි යුදයේ බෙත්-ලෙහෙමේ සිට කඳු රටේ එහා පැත්තට යමුව; මම එහි කෙනෙක්ය, යුදයේ බෙත්-ලෙහෙමට ගියෙමි. දැන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට යමි; එහෙත් තමාගේ ගෙදරට මා කැඳවාගන්න කෙනෙක් නැත.