ඔව්හු ගිබියාහි නවාතැන් ගන්න පිණිස ඇතුල්වෙන්ට එහි හැරී ගියෝය. ඔහු ඇතුල්වී නුවර වීථියේ හිඳගත්තේය. මක්නිසාද කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්තේය.
මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය;
ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, නුඹලා මා බලන්ට නාවහුයයි කියනසේක.
ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.
මෙසේ ඔවුන් තව දුරටත් ගමන් කොට බෙන්යමින්ට අයිති ගිබියාට ළඟාවෙන විට ඉර බැස්සේය.
නුමුත් මහලු මනුෂ්‍යයෙක් කෙතේ වැඩකර සවස ආවේය; ඒ මනුෂ්‍යයා එප්‍රායිම් කඳු රටේ කෙනෙක්ය, හෙතෙම ගිබියාහි වාසයකෙළේය. එහෙත් ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ බෙන්යමින්වරුය.
ඔහුද: අපි යුදයේ බෙත්-ලෙහෙමේ සිට කඳු රටේ එහා පැත්තට යමුව; මම එහි කෙනෙක්ය, යුදයේ බෙත්-ලෙහෙමට ගියෙමි. දැන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට යමි; එහෙත් තමාගේ ගෙදරට මා කැඳවාගන්න කෙනෙක් නැත.
එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයාවූ ලෙවීයයා උත්තරදෙමින්: මමත් මාගේ උපභාර්යාවත් නවාතැන් ගන්ට බෙන්යමින්වරුන්ට අයිති ගිබියාට පැමිණියෙමුව.