තවද ඔහු: ගිබියාහිවත් රාමාහිවත් නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟාවෙමුයයි තමාගේ වැඩකාරයාට කීවේය.
ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.
ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.
ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.
ඔහුගේ ස්වාමියාද: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරට අපි නොගොස් ගිබියාට යමුයයි ඔහුට කීවේය.
මෙසේ ඔවුන් තව දුරටත් ගමන් කොට බෙන්යමින්ට අයිති ගිබියාට ළඟාවෙන විට ඉර බැස්සේය.
සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය; දෙවියන්වහන්සේ විසින් සිත පොළොඹවනලද සේනාවද ඔහු සමඟ ගියාය.