Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 18:3

Sinhala Revised Old Version

ඔව්හු මීකාගේ ගේ ළඟ සිටිද්දී ලෙවීයයාවූ තරුණයාගේ කටහඬ ඇඳින එහි ගොස් ඔහුට කථාකොට: නුඹ මෙහි ගෙනාවේ කවුද? මෙතන නුඹ කරන්නේ මොකද? මෙහි නුඹට ඇත්තේ කිමෙක්දැයි ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය; ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නමුත් අත් ඒසව්ගේ අත්යයි කීය.

එනම්: නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි නුඹේ කවුරු සිටින නිසාද? උස්තැනක තමාට සොහොනක් කොටා ගන්නේය, පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපාගන්නේය!

ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.

ඔහු: නැතැයි කීවොත්, ෂිබ්බොලෙත්ය කියන්නැයි ඔව්හු ඔහුට කියති; ඔහුට ඒක හරියට ශබ්දකරන්ට නොහැකිව, සිබ්බොලෙත්ය කීවොත් ඔව්හු ඔහු අල්ලා යොර්දාන් තොටුපල් ළඟදී මරති. ඒ ප්‍රස්තාවේදී එප්‍රායිම්වරුන්ගෙන් සතළිස් දෙදාහක් මැරුම් කෑවෝය.

දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: නුඹලා ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.

ඔහුද: මීකා මට මේ මේ ආකාර කර, මා ඔහුගේ පූජකයාව සිටින පිණිස මා කුලියට ගත්තේයයි ඔවුන්ට කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්