ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.
ඉතින් නුඹේ පියාගේ ගෙදරට යන්ට නුඹ අතිශයින් ආශා ඇති බැවින් නුඹ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය.
රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය.
එවිට ස්වාමීන්වහන්සේගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේය, උන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඔහු වෙතට යැවූසේක. ඔහු කථාකොට: තමුන්ගේ සෙනඟ නුඹේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මක්නිසා හැරුණෙහිදැයි ඔහුගෙන් ඇසුවේය.
ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.
නියඟක් ඇගේ ජලයන් පිටට පැමිණ, ඒවා හිදීයනවා ඇත. මක්නිසාද එය කැපූ රූප ඇති දේශයක්ය, ඒ භයානක දේවල් ගැනද ඔව්හු උමතුවී සිටිති.
සියලු මනුෂ්‍යයෝ දැනගැන්ම නැතුව මෘගයන් මෙන් සිටිති; සියලු රන්කරුවෝද තමුන්ගේ කැපූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. මක්නිසාද ඔවුන්ගේ වාත්තු රූප බොරුවක්ය, ඒවා තුළ හුස්ම නැත.
ඔහොලා මා සන්තකව සිටියදී වේශ්‍යාකම්කළාය; ඇගේ ප්‍රේමවන්තයන් වන අසල්වාසීන්වූ අෂූර්වරුන් කෙරෙහි ඈ ආලයවූවාය.
මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.
පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රිකපානයෙන් මත්වුණෝයයි කීවෝය.
එවිට මීකා: ලෙවීයයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමියි කීවේය.
මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.
ඔව්හු හැරී බලා: මිනිසුන් රැස්කරගන එන්ට නුඹට වෙලා තිබෙන්නේ මොකදැයි මීකාගෙන් ඇසුවෝය.
දාන් පුත්‍රයෝ ඔහුට කථාකොට: නුඹ කථානොකර සිටින්න, කථාකළොත් රෞද්‍ර මිනිසුන් නුඹලාට විරුද්ධව එන්ට පුළුවන, එවිට නුඹේ ජීවිතයද නුඹේ ගෙයි වැසියන්ගේ ජීවිතද හානිවේයයි ඔහුට කියා යන්ට ගියෝය.