ඔව්හු එහි හැරීගොස් තරුණ ලෙවීයයාගේ ගේ වන මීකාගේ ගෙට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝය.
ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.
ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය.
දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: නුඹ සුවසේද? නුඹේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය.
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව නුඹලා දන්නවාද? ඉතින් දැන් නුඹලා විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.
තමුන්ගේ යුද්ධායුධ පැළඳගත්තාවූ, දාන් පුත්‍රයෝ වූ ඒ මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.
ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, නුඹේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.
දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.