සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ, මධ්‍යම රාත්‍රියේ නැගිට, නුවර දොරටුවේ දොරවලුත් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමඟ උගුලා කරපිට තබාගෙන, හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය.
මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක.
කඩාදමන්නා ඔවුන්ට පෙරටුව නැගී ගියේය. ඔව්හු බිඳගෙන දොරටුව පසුකර, එයින් පිටතට ගියෝය. ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක.
නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.
සම්සොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔව්හු ඔහු වටකොට ඔහු අල්ලන්ට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔව්හු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය.
ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලීලා නම් ස්ත්‍රියෙකුට ආදරේවිය.