එවිට සම්සොන් ගෘහය ඉසුලුවාවූ මැද කුළුනු දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද නමමින්:
සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය.
පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වායි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුවුණේය; එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනඟ පිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අය වැඩි වූහ.
නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.