සම්සොන් තමාගේ අත අල්වා සිටි යෞවනයාට කථාකොට: මේ ගෘහය පිහිටා තිබෙන කුළුනුවලට මා හාන්සිවෙන පිණිස ඒවායේ මාගේ අත තබා බලන්ට ඉඩහරින්නැයි කීවේය.
ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය.
ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය.