ඈද ඇණයෙන් ඒවා තදකොට: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. ඔහු නින්දෙන් පිබිද යොත් දණ්ඩේ ඇණය නූල් වියමනත් සමඟ ගළවා දැමුවේය.
උන්වහන්සේ බොහෝ වර ඔවුන් මිදූසේක; නුමුත් ඔව්හු ස්වකීය මන්ත්‍රණයෙන් කැරළිගසා, ස්වකීය අයුතුකම නිසා පහත්කරනු ලැබුවෝය.
දෙලීලා සම්සොන්ට කථාකොට: නුඹ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහිය. ඉතින් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි කීවාය. ඔහුද: නුඹ මාගේ හිසේ සැඩපළු සත නූල්වියමනත් සමඟ ගෙතුවොත් පුළුවනැයි ඈට කීවේය.
එවිට ඈ: නුඹේ සිත මා වෙත නැතිකොට නුඹ මට ආදරේය කියා කියන්නේ කොහොමද? නුඹ දැන් තුන්වරක්ම මා රැවටුවෙහිය, නුඹේ මහත් ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය.