එකල පිලිස්තිවරු පිටත්ව ගොස් යූදාහි කඳවුරු බැඳ ලෙහියේ පැතිර සිටියෝය.
යූදා මනුෂ්‍යයෝ: කුමක් හෙයින් නුඹලා අපට විරුද්ධව ආවහුදැයි ඇසුවෝය. ඔව්හුද: සම්සොන් බැඳ ඔහු අපට කළ හැටියට ඔහුට කරන පිණිස ආවෙමුයයි කීවෝය.
ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.
ඔහු කථාකර තීන්දුවූ විට තමාගේ අතෙන් හකු ඇටය වීසිකොට, එතැනට රාමත්-ලෙහිය යන නම තැබුවේය.
දෙවියන්වහන්සේද ලෙහියෙහි තිබෙන කුහර තැනක් විවරකළසේක, එයින් වතුර නික්මුණේය; ඔහු බිවූ කල ශක්තිය ලැබ ප්‍රාණවත් වුණේය. එබැවින් ඒ ස්ථානයට එන්-හක්කෝරේ යන නම තබනලදී, එය අද දවස දක්වා ලෙහියේ තිබේ.
ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.