ඔහු ගොස් ඒ ස්ත්‍රිය හා සමඟ කථාකෙළේය; ඈ ඔහුට බොහෝ ප්‍රසන්න වූවාය.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළුපැටවෙකු ඉරාදමන්නාක්මෙන් ඌ ඉරාදැමීය. නුමුත් ඔහු කළ දේ තමාගේ පියාටවත් මවුටවත් දැන්නුවේ නැත.
ස්වල්ප දවසකට පසු ඔහු ඈ පාවාගන්ට නැවත යද්දී සිංහයාගේ මළකුණ බලන්ට අහකට හැරී ගියේය. බලව, සිංහයාගේ ශරීරයෙහි මීමැසි රැළක්ද මීපැණිද තිබුණේය.