එවිට මානෝවා ස්වාමීන්වහන්සේට කන්නලව්කරමින්: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ විසින් එවනලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නැවත අප ළඟට ඇවිත්, උපදින්නාවූ දරුවාට අප විසින් කළයුතු දේ අපට උගන්වාවයි කීවේය.
මට නොපෙනෙන දේ මට පෙන්නුව මැනව. මම අපරාධ කෙළෙම්නම් තවත් නොකරන්නෙමියි කීවේද?
නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේයයි කීසේක.
මානෝවා නැගිට තමාගේ භාර්යාව කැටුව ගොස් ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ: මේ ස්ත්‍රීට කථාකළ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: මමයයි කීවේය.
ස්වාමීන්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රීට පෙනී: බලව, නුඹ වඳව දරුවන් නොලැබ සිටිනෙහිය. නුමුත් නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය.
එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත.
නුමුත් ඔහු මට කථාකොට: බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඒ නිසා දැන් ඉතින් නුඹ මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මක්නිසාද ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය කියා කීයේයයි කීවාය.
දෙවියන්වහන්සේ මානෝවාගේ හඬට ඇහුම්කන්දුන්සේක; දේවදූතයා ඒ ස්ත්‍රීය කෙතේ ඉන්දැද්දී නැවත ඈ ළඟට ආයේය. නුමුත් ඇගේ පුරුෂයාවූ මානෝවා ඈ ළඟ නොසිටියේය.