දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.
සාරයි වඳව දරුවෙක් නැතුව සිටියාය.
ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් බිහිනොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය.
ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය.
දාන් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රවලින් එකක් මෙන් තමාගේ සෙනඟ විනිශ්චයකරන්නේය.
කිරියත්-යෙයාරීම්ගේ පවුල් නම් ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරුය; මොවුන්ගෙන් ශොරාතිවරුද එෂ්තායෝලිවරුද පැවත ආවෝය.
එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය.
තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල්ද ශොරාද අෂ්නාද,
ඔවුන්ගේ උරුමයේ පළාත නම් ශොරාද එෂ්තායොල්ද ඊර්-ෂෙමෙෂ්ද,
ස්වාමීන්වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයටද නුඹලා ගෙනායෙමි; නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද,